සැහැල්ලු, එහෙත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලකින්ම සපිරි Keyboard app එකක් වන Dream Keyboard එක ගැන දැනගනිමු
අප සෑම දෙනාම එදිනෙදා ජිවිතේ ජංගම දුරකථනය සම්බන්ධ කටයුතු වලදී අනිවාර්යෙන් තමන්ගේ දුරකථනයේ Keyboard එක භාවිතා කරන අතර බොහෝ විට අපට දුරකථනයේ ඇති default Keyboard එක සිංහල භාෂාව සහාය නොදක්වන නිසා හෝ වෙනත් හේතුවක් නිසා අප වෙනත් Keyboard එකක් download කර ගෙන භාවිතා කිරීමට හුරුවී සිටිනවා. මේ වන විටත් අපට සිංහල භාෂාව සඳහා සහය දක්වන Keyboard app කිහිපයක්ම ඇති නමුත් මෙම Dream Keyboard එක අනෙක් Keyboard app සමඟ සැසදීමේදී සරල සහ පරීශිලයන්ට භාවිතය පහසු වන ආකාරයට නිපදවා තිබෙන අතර මෙය ශ්‍රී ලාංකීක තරුණයෙකු විසින් නිපදවන ලද Keyboard app එකක් විම අනෙක් සුවිශේෂි කරුණ වෙනවා. මෙම Dream Keyboard එක මඟින් පරීශිලකයන් හට ශබ්දානුකූල ක්‍රමය (Singlish) සහ සම්මත විජේසේකර ක්‍රමය භාවිතා කර සිංහල අකුරු type කළ හැකි අතර මෙහි ඇති ඉතා සිත් ඇදගන්නා සුළු සහ සරල UI එකකින් සමන්විත වන අතර විවිධ අලංකාර themes ගණනාවක් නොමිලේම භාවිතා කිරීමට හැකියාව හැකියාව ලැබෙනවා. තවද Gestures, අක්ෂර දෝෂ හඳුනා ගැනීම, voice typing, clipboard එක හැසිරවීම, Keyboard එක හරහාම ඡේද/වචන සැකසීම, stylish fonts භාවිතා කිරීමේ හැකියාව, Keyboard එකෙහ...